AirAsia යානය සොයා මෙහෙයුම්වල නිරත නිලධාරීන් මළ සිරුරු 40ක් සොයා ගනී (VIDEO)

AirAsia යානය සොයා මෙහෙයුම්වල නිරත නිලධාරීන් මළ සිරුරු 40ක් සොයා ගනී (VIDEO)


අතුරුදන් වූ AirAsia ගුවන් යානය සොයා ජවා මුහුදේ  මෙහෙයුම්වල නිරත නිලධාරීන් විසින් එහි ගමන් ගත් මගීන්ගේ බවට විශ්වාස කෙරෙන මළ සිරුරු 40කට වැඩි සංඛ්‍යාවක්  සොයා ගනු ලැබ තිබේ.

මෙහෙයුම්වල නිරත කණ්ඩායම් අද පෙරවරුවේ අදාළ මුහුදු ප්‍රදේශයේ ගුවන් යානයක බවට සැකකෙරෙන  සුන්බුන් කොටස් අතර මළ සිරුර ද පා වෙමින් තිබෙනු නිරීක්ෂණය කර තිබිණ.

පසුගිය 28 වන දා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කළ AirAsia ගුවන් සමාගමට අයත් QZ8501 යානය ගුවන් ගත කර පැය කිහිපයක් ඇතුළත අතුරුදන් විය.

යානය අතුරුදන් වන අවස්ථාවේ එම ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්ත්වක් පැවත ඇති අතර යානයේ නියමුවා යානයේ ගමන් ගම වෙනස් කිරීම සඳහා පාලක මැදිරියෙන් අවසර ඉල්ලා තිබූ බව බලධාරීන් උපුටා දක්වමින් ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා කර තිබිණ.

යානය අතුරුදන් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළු මගීන් 155 දෙනෙක් ගමන් කරමින් සිටියහ.

මේ වන විට හමුවී ඇති සුන්බුන් අතර ගුවන් යානයේ දොරවල් දෙකක කොටස් සහ මගීන්ගේ ගමන්මළු ද තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්