ශුද්ධෝත්තම පාප්තුමන් අද දිවයිනෙන් නික්ම යයි

ශුද්ධෝත්තම පාප්තුමන් අද දිවයිනෙන් නික්ම යයි


ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යනවා. සුදුතුම් පිය ලංකාගමනය පිළිබඳ මධ්‍යම කමිටුව ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ පාප්තුමන් බෝලවරාන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවැත්වෙන කෙටි උත්සවයකට ද සහභාගි වන බවයි.   මේ අතර ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ද හමුවුණා. ඒ, මාලිගාකන්දේ පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයේදීයි.   මේ අතර ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමන් දිවයිනෙන් පිටත්ව යාම වෙනුවෙන් අද පෙරවරුව් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කරුණු දැක් වූවා.