විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතිය සොයන පනත ළගදීම


විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතියට අදාළව සකස් කළ නව පනත ළගදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසනවා.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප‍්‍රමිතියද මෙමගින් නියාමනයට ලක් කරන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඒ, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ සහභාගිත්වයෙන් ඊයේ රාති‍්‍රයේ විකාශය වූ රූපවාහිණි සංවාදයේදීයි.

ඊට නෙත් එෆ් එම් රේඩියෝව නියෝජනය කරමින් ඩිල්ෂාන් සදකැකුළු මඩවල සහභාගි වුණා.

එහිදී ඔහු උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල වෙත පැනයක් යොමු කරමින් විමසා සිටියේ රාජ්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට ඉදිරියේදී ලබාගන්නා පියවර මොනවාද යන්නයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ කිසිදු අදහසක් සිය රජයට නොමැති බවයි.

‘‘දැන් මේ අවුරුද්දේ අපි වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කරනවා ලබන අවුරුද්දේ රත්නපුර ආරම්භ කරනවා 2018 වෙනකොට සියලු සිසුන්ට නේවාසිකාගර පහසුකම් දෙනවා දීමනා වඩිකරලා තියනවා ඇත්ත වශයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට අද ප්‍රශ්ණ නෑ ඒගොල්ලො පෙලපාලි යන්නේ ඒගොල්ලට අදාල ප්‍රශ්ණ වලට නෙමෙයි‘‘ යනුවෙන්ද කීවේය.

එහිදි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ 2016 අය වැය ලේඛණයෙන් උසස් අධ්‍යාපන ප්‍රතිපාදන 30%කින් ඉහළ දමා ඇති බවයි

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාද ඊට ප‍්‍රතිචාර දැක්වුවා.