මුතුහෙට්ටිගම අල්ලන්න ජාත්‍යන්තර පොලිසියේ සහය

මුතුහෙට්ටිගම අල්ලන්න ජාත්‍යන්තර පොලිසියේ සහය


පසුගියදා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළ නියෝජ්‍ය අමාත්‍ය නිෂාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අපේක්ෂා කරන බව පොලිසිය පැවසීය.
ඒ වඳුරඹ ප්‍රදේශයේ පැවති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන වේදිකාවකට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙනි වූ චෝදනාවකටය. ඔහු මේ වනවිට විදෙස් ගතවී ඇති බව අනාවරණය වී ඇත.