මහවැලි නදියේ සිසිලස ඔස්සේ එන්න යන්න වස්ගොමුවේ

මහවැලි නදියේ සිසිලස ඔස්සේ එන්න යන්න වස්ගොමුවේ


මහවැලි නදියේ නීල දියවර කලබලයක් නැතිව නිදහසේ ගලා යයි. විටින් විට වෙනස් වන වේගයකින් හමන සූළඟේ වෙලී නැගෙන දිය රැළිවල රිද්මයට අනූව පෙණ පිඬූද විසිරෙයි.
දිය රැළිවලට අනූව විසිරෙන පෙණකැටි ගං දැලේ වැදි පූපූරා යන්නේ නැවූම් ගී තනූවකට අනූව යයි කීවොත් එයද නිවැරදිය.
ගංදැලේ ඇති හරිත වන ගොමූ අතරින් දිය බොන්නට එන්නේ වල් අලි රංචූවකි. සවස් කාලයට මෙසේ මහවැලි ගං ඉවූරට එන අලි රංචූ සිය පැටවූන් සමග මහවැලි දිය බී පිපාසය නිවා වනගොමූව තුළ වදිනූ දැකීමද පියකරු දසූනකි. වගවලසූන්ට මෙන්ම මූව පොව්වන්ටද රජදහනක් වූ මේ සූන්දර වනපෙත අතීතයේ වලසූන්ට රජ දහනක් වූ බැවින් වලස් ගොමූව නම් විය. පසූව ජන වහරට අනූව වෙනස් වී වස්ගමූව විය. උතුරින් පරාක්‍රම සමූද්‍රයෙන්ද නැගෙනහිරින් මහවැලි නදියෙන්ද දකුණෙන් දුනූවිල ඔයෙන්ද බටහිරින් කළු ගඟෙන් හා අඹන් ගඟෙන්ද මේ වනෝද්‍යානය වට වී ඇත.

DSCN1449
මහනූවර සිට රජමාවත ඔස්සේ පැමිණ හසලක මං සන්දියෙන් හැරී වස්ගොමූව වනෝද්‍යානයට පැමිණිය හැකිය.
මාතලේ, පොළොන්නරුව හරහා පැමිණෙන්නේ නම් ලග්ගල විල්ගමූව ඔස්සේ උද්‍යානට පැමිණිය හැකියි.
වර්ෂ 1984 අගෝස්තු 7 වන දින ජාතික වනෝද්‍යානයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීමට පෙර ඈත අතීතය පිළිබඳව විමසීමේදී මහා පරාක්‍රමබාහූ රජ සමය දක්වා වූ ඉතිහාසයක් වස්ගමූවට ඇති බැව් පෙනී යයි. උද්‍යානයේ පිහිටි වලාගමූව වැව ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බැව් ඉතිහාසයේ සඳහන් වෙයි. අඹන් ගඟ මායිමේ පිහිටි කදුරු පිටිය නටඹූන් චෛත්‍යද බූදු පිළිමයද, නලගමූව ගල්කණූද අභිමානවත් ඉතිහාසයක් කියා පාන්නකි.

_MG_2016
හෙක්ටයාර 37062.9 ක භූමි ප්‍රමාණයක් වස්ගමූව උද්‍යානයට අයත්ය. උද්‍යානයේ උසින් වැඩි ස්ථානය මීටර් 535 කි. මෙම ස්ථානය සූදු කන්ද යනූවෙන් හැඳින්වෙයි. බොම්බරගල වෙහෙරවගල වැනි උස් ගල්තලාද වස්ගමූව වනෝද්‍යානයට අයත්ය.
වස්ගමූව වෑවරණ, මිල්ල රුක්අත්තන, බූරුත, මොර, වීර, කුඹූක්, ගල්සියඹලා වැනි මහා ගස්ද හිඹූටූ, වල්පිච්ච, කහඹිලිය, කලවැල්, ඉලුක් වැනි තෘණ වර්ගද නිසා වස්ගමූව වනෝද්‍යානයක් බවට පත් වී ඇත.

DSCN2919

වස්ගමූව වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන් අතර අලි ඇතුන් 100ඃ 300 අතර රංචූවක් ජීවත් වෙයි. වල් අලින්ට අමතරව වලසා, කොටියා, තිත් මූවා, හඳුන් දිවියා, නරියා, වල් ඌරා, දඩූලේනා, හාවා වැනි සිව්පාවූන් හා රිලවා, කොළවඳුරා, මූගටියා වැනි සතුන්ද ප්‍රධාන වෙයි.

වනෝද්‍යානයේ සංචාරය කරන්නෙකුට දෑකගත හැකි පක්ෂී විශේෂ ගණනාවක්ද වෙයි. වත රතු මල් කොහා, මොනරා, වලි කුකුලා, හබන් කුකුලා, හිස කළු කොණ්ඩයා, සර්ප රාජාලියා, වඩූ කුරුල්ලා, සැළලිහිනියා පොරව කැදැත්තා, ඇඹළ කොකා වැනි පක්ෂීන් දැකගැනීම අපහසූ නැත.
උරග විශේෂ ගණනාවක් වෙසෙන වස්ගොමූව ජාතික වනෝද්‍යානයේ ඇහැටූල්ලා, නයා, පිඹූරා, ගැරඩියා තිත් පොළඟා, පළාපොළඟා වැනි සර්ප විශේෂවලට අමතරව ජලාශ්‍රීත ප්‍රදේශවල හැළ කිඹූලා, ඉබ්බා කබරගොයා ද ජලාශවල දේශීය මත්ස්‍ය විශේෂ ගණනාවක්ද වාසය කරයි. වනන්තරේ වනමල් අතරෙ සැරිසරන සමනල් විශේෂ ගණනාවක්ද වස්ගමූව වනෝද්‍යානයේ දක්නට ලැබේ. මේ සමනලුන් අතර ඊඛඹෑ ඵධඵ්භල කධඵඵධභ ෂභෘෂ්භ ඔෂඨෑසෘල ශෑඛඛධඋ ධසෘභඨෑ ඔෂඡල කධඵඵධභ සෘධීෑල ඊඛඹෑ ඨඛ්ීීශ ඔෂඨෑසෘ වැනි සමනල් විශේෂ ප්‍රධාන වෙයි.

_MG_5875

සංචාරක පහසූකම්

පරිසර හිතකාමීව විනෝද වන පූද්ගලයින්ට විවෘත වූ වනෝද්‍යානයක් වන වස්ගොමූව දෙස් විදෙස් සංචාරකයන් සඳහා පෙ ව 6. සිට සවස 6 දක්වා විවෘතව පවතී. වනෝද්‍යානය නැරඹීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුුවෙන් නිකුත් කළ අවසර පතක් උද්‍යාන දොරටූවෙන් ලබා ගත යූතුයි. දිනක් හෝ දෙකක් හෝ නවතින්නේ නම් උද්‍යානය තුළ ඇති වවූල් ඇබේ කදුරු පිටිය හා මහවැලි සංචාරක බංගලාව වැනි නිවාස වනෝද්‍යානයෙන් පිටත ඇති අංගමැසිල්ල හා ගලේ බංගලාව වැනි නිවාස ප්‍රයෝජනයට ගත හැකියි. ඒ සඳහා කල් තියා වන ජීවි දෙපාර්තමේන්තුවෙන් වෙන් කරවා ගැනීමක් කරගත යූතුව ඇත.
ස්වභාවික පරිසරයේ ආස්වාදය ලබන්නට කැමති පිරිස් සඳහා උද්‍යාන තුළ ඇති වවූල් ඇබේ කඳවූරුබිම. හතරමංහන්දිය කඳවූරු බිම, කිරි ඇබේ කඳවූරු බිම, සූදු කන්ද හා කළු ගඟට ආසන්නව ඇති උල්පත් හත කඳවූරු බිම.මැදඋල්පත කඳවූරු බිම. වැනි කඳවූරු බිම් ප්‍රයෝජනය ගත හැකියි. ඒසඳහා වන ජීවි නිලධාරින් ගෙන් උපදෙස් ලබා ගත යූතු වේ.
දෙස් විදෙස් සංචාරකයන් මතක තබා ගත යූතු කරුණක් නම් වනෝද්‍යානය තුළට ගමන් කිරීමේදී වන ජීවි නිලධාරියෙකුගේ සහාය හා උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. වන සතු්නට හා පරිසරයට හිරිහැරයක් නොවන පරිදි හැසිරීමට වග බලා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එසේ නම් ඔබත් ඔබගේ වටිනා නිවාඩූව රට තොට ගැන දෑනූවත් වෙමින් විනෝද වීමට වස්ගොමූව ජාතික වනෝද්‍යානයට යන්න. එහෙත් පරිසරයට හානි නොකරන්න.

_MG_2054