මහනුවර බෝධීන් වහන්සේ කඩා වැටුණේ වස් වැදිලාද ?


ඓතිහාසික මහනුවර නගරයේ ඇහැළේපොල කුමාරිහාමි මාවතේ පිහිටි පෞරාණික බෝධීන් වහන්සේ මහ මග ගමන්කරමින් තිබූ කැබ් රථයකටද හානි පමුණවමින් ඊයේ (24) කඩා වැටුණා. මෙම අනතුරින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

අයහපත් කාලගුණ තත්වයක්ද නොපැවති අවස්ථාවක මෙලෙස මෙම පෞරාණික බෝධීන්වහන්සේ කඩා වැටෙන්නට හේතුව වී ඇත්තේ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට ඇති මාර්ගය විවෘත කරනලෙස ඉල්ලමින් සිදුකෙරෙන විරෝධතා වියහැකි බව මහනුවර වැසියන් විශ්වාසය පලකරනවා.

 

“මේ පාර අරින්න උවමනාව තියෙන්නෙ නුවර ඉන්න අපිට නෙවෙයි. වෙන ප්‍රදේශ වල අයට. වැව වටරවුමෙ වාහන තදබදය මග ඇරල යන්න ඕන තරම් විකල්ප මාර්ග තියෙනව. දළදා හාමුදුරුවන්ට කිසියම් හානියක් වෙන දෙයක් කරන්න හදන හැම අවස්ථාවකම වගේ මේ වගේ අදෘශමාන බලවේග ක්‍රියාත්මක වෙලා ඊට එරෙහි වෙලා තියෙනව. අපිටනම් හිතෙන්නෙ මේ කරපු විරෝධතාවන් නිසා වස් වැදිල මේ දේ වුණා කියලයි“ අප සමග අදහස් දැක්වූ අයෙකු පැවසුවා.