මධුසමය ගත කිරීමට ගිය නව යුවළට රෑ එළිවෙනකම් සිදු වූ දේ


මධුසමය ගත කිරීමට ඇනවුම් කර තිබූ කුලියාපිටියේ හෝටලයෙන් ලබා දුන් සුඛෝපභෝගී කාමරයේ යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක් දක්නට ලැබුණු බවත් ඉන් රාත්‍රියෙහි හෝටල් සේවකයෙකු වීඩියෝ දසුන් ලබා ගත්තාදැයි සැකයක් පවතින බවත් අලුත විවාහපත් යුවළක් පැමිණිලි කළ බව කුලියාපිටිය පොලීසිය පවසයි.

පසුව වහා එහි ගොස් පරීක්ෂණ පැවැත්වූ පොලීසියටද එම කාමරයේ දොරෙහි ඇස තබා බැලීමේදී පුර්ණ වශයෙන් යනහ දිස්වන පරිදි සකසා තිබූ සිදුරු දෙකක් දක්නට ලැබී ඇති අතර ඒවා කෙසේ සිදුවිද යන්න වැඩිදුර නිරීක්ෂණයට පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක කණ්ඩායමක්ද කැඳවා තිබූ බව සඳහන් වෙයි.

එම නිළධාරීන් දිගින් දිගට සිදු කළ පරීක්ෂණවලදී නව යුවල නැවතී මධුසමය ගත කළ බැව් කියන අදාළ කාමරයට යාබද කාමරයේද එවැනිම ආකාරයේ සිදුරු දක්නට ලැබී ඇති අතර ඒ ගැනද තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන්  කරයි.

මනමාලයාගේ ඥාතීන් පැවසුවේ දැඩි විශ්වාසයෙන් යුතුව මෙම හෝටලයේ කාමරයක් වෙන් කරවා ගත් බවත් නව යුවලගේ වීඩියෝ දසුන් පටිගතකිරීමක් සිදුකර ඇත්නම් දෙපළගේම අභිනවයෙන් ඇරඹී යුග දිවිය අවසන් වීමට පමණක් නොව ජිවිත පවා විනාශ වීමට ඉඩ කඩ ඇති බවයි.

බාල වයස්කාර දරුවන්ට වැරදි ආදර්ශ සපයමින් තරුණ තරුණියන් මෙවැනි ස්ථාන මඟහැර මහ මඟ බස්රථ වැනි ස්ථාන තම ආවේග පාලනයට යොදා ගැනීමට හුරුව ඇත්තේ ඒ සඳහා පවතින මෙවන් ආයතනවල පවතින මෙවැනි බියකරු ගැටළු නිසා වීය හැකි බවත් මේ පිළිබඳව බලධාරීන් වහාම පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළහ.

හෝටල් සේවකයින් පැවසුවේ කාමරය වෙන් කරව ගැනීමට නව යුවල අත්තිකාරම් මුදල් ගෙවා තිබුණද ඉතිරිය ගෙවා දැමීම වළක්වා ගන්නට එවැනි චෝදනාවක් සිදු කළ බවට සැක උපදින බවයි.එමෙන්ම තම හෝටලය ප්‍රදේශයේ කීර්තිමත් හෝටලයක් බැවින් මීට ඉහතදී කිසිදිනක එවන් සිදුවීමක් සිදු නොවුණ බවත් නීතියෙන් තම පාර්ශවයට මෙන්ම නව යුවළටත් සාධාරණය ඉටුවෙනු ඇතැයි තමන් දැඩිව අපේක්ෂා කරන බවයි.

කුලියාපිටිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක රණතුංග, උප පොලිස් පරීක්ෂකවරුන් වූ චිත්‍රසෝම, සිරිසෝම යන නිළධාරීන් ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ සිදු කළ අතර වැඩිදුර විමර්ශන සිදු කිරීමටද නියමිතය.