බෝලවලාන සංස්කෘතික නිකේතනය පාප්වහන්සේ අතින් විවෘත වෙයි

බෝලවලාන සංස්කෘතික නිකේතනය පාප්වහන්සේ අතින් විවෘත වෙයි


ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සිය තෙදින නිල සංචාරය ඊයේ (15 වැනිදා) උන්වහන්සේ අතින් උදෑසන සිදුවූ අවසන් නිල රාජකාරිය වූයේ මීගමුව බෝලවලානේ ඉදිකළ 16 වැනි බෙනඩික්ට් කිතුනු සංස්කෘතික හා දේවධර්ම නිකේතනය නිල වශයෙන් විවෘත කිරීමයි.

පෙරවරු 7.15 ට උන්වහන්සේ වතිකාන නිල නිවාසයෙන් පිටත්ව සිය නියෝජිත පිරිස සමඟ පෙරවරු 8 ට එම නිකේතන භූමිය වෙත පැමිණි අවස්ථාව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ද, එම නිකේතනයේ ගෘහ නිර්මාණ ශිල්පීය කටයුතු ඉටුකළ ගරු කුවින්ටස් ප්‍රනාන්දු පියතුමන් ද, බෝලවලාන කානික්ක දේවමාතා දේවස්ථාන පාලනාධිපති ගරු සුදත් අතුකෝරාළ පියතුමන් විසින් පිළිගනු ලැබිණි. අනතුරුව දෙපස රඳවා සිටි කුඩා දරුවන් මල් ඉසිමින් කළ පිළිගැනුම මධ්‍යයේ පාප්වහන්සේ නිකේතනයේ දේවස්ථානය වෙත ගමන් කළ අතර සුදර්ශනී ඩේවිඩ් මහත්මිය මෙහෙයවූ Soul Sounds ගීතිකා කණ්ඩායම ගීතිකා ගායනයක් ඉදිරිපත් කෙරිණි.

ඉන්පසුව පාප්වහන්සේ දෙව්මැදුර තුළදී නිහඬ යාච්ඤාවක යෙදීමෙන් අනතුරුව දෙව්මැදුරත්, රැස්ව සිටි පියතුමන්ලා, කන්‍යා සොයුරියන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන් ද, විශේෂ ආරාධිතයන් ද ආසිරි ගැන්වූහ. විශ්වවිද්‍යාලය ඵලකය නිරාවරණය කරමින් විවෘත කළ උන්වහ්නසේ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සිය ශ්‍රමය දායක කළ කණ්ඩායම සමඟ සමූහ ඡායාරූපයකට එක්වූහ. අනතුරුව දැරියන්ගේ මල් ඉසීම හා රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ උන්වහන්සේ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ඇරඹූහ.