බලය ඉක්මවා ගියොත් උතුරට එරෙහිව අධිකරණයට


උතුරු පළාත් සභාව සිය බලය ඉක්මවා යමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ උතුරු පළාත් සභාව අවස්ථා ගණනාවකදී සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවයි.

උතුරු පළාත් සභාවේ එවැනි කි‍්‍රයාමාර්ග නතර කිරීමට ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් අධිකරණ කි‍්‍රයාමාර්ගවලට එළඹීමට කටයුතු කරන බව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.