‘පියා වැරදි තීරණයක් ගත්තා - මම ජනපති සමඟයි‘ - නන්දිමිත්‍රගේ පුතු කියයි

‘පියා වැරදි තීරණයක් ගත්තා – මම ජනපති සමඟයි‘ – නන්දිමිත්‍රගේ පුතු කියයි


ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තම පියා ගත් තිරණය කිසිසේත් අනුමත නොකරන බවත් තමා විපක්ෂයට එක් නොවන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මාතලේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. එහිදී ඔහු පැවසුවේ ” පියා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකිරීමට තිරණය කර තිබෙන නමුත් දේශපාලන වශයෙන් මේ අවස්ථාවේදී පියා ගත් තිරණය කාලෝචිත නොමැති බවයි. මහින්ද රාපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමට අප සියලු දෙනා පෙළගැසී සිටිනවා.“ යනුවෙන් කියා සිටියේය. එසේම රටේ දශක ගණනාවක් තිස්සේ තිබුණු ත්‍රස්තවාදය නිමා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරවීමට උපරිමයෙන් කැපවී කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය