පින් පමුණුවන විට කැප්පෙටිපොලගේ ඡායාව දිස්වෙලා – සේයාරුවට නැගුනු ඡායාව මෙන්න


ඉංග්‍රීසින් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ ජාතික විරුවන් 82 දෙනෙකු දේශප්‍රේමින් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මහනුවර මගුල් මඩුවේ පැවති ජාතික උත්සවයේ දී දේශප්‍රේමීන්ට පින් පමුණුවන මොහොතේ වීර කැප්පෙටිපොල දිසාවගේ ඡායාව ප්‍රාතිහාර්යකින් අස්ගිරි පාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ වටාපතේ දර්ශනය වූ ආකාරය එහි සිටි බස්නායක නිළමේවරුන් දැක ඇති බවට වාර්තා පළ වනවා.

එම මොහොතේ වටාපතේ ඡායාව සේයාරුවට නැගී ඇති බවයි වාර්තා වන්නේ.

සති අන්ත පුවත්පතක් එම අවස්ථාවේ ඡායාරූප ද පළ කර තිබෙනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ ජාතික විරුවන් 82 දෙනෙකු දේශප්‍රේමින් කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරියේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී පැවැත්වුණා.

වසර 1818 දී ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස මෙහිදී නම් කරනු ලැබුවා.

f1de7f83255ed833853ae2fd5dd02af0_L