නවසීලන්තය සමග ගිවිසුම් කිහිපයක්..


නවසීලන්තයේ සහ ශී‍්‍ර ලංකාව අතර ගිවිසුම් කිහිපයකට අද (24) පෙරවරුවේ අත්සන් තැබුණා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ සහභගිත්වයෙන්.

 

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ඊයේ රාති‍්‍රයේ දිවයිනට පැමිණි අතර ඔහු පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

 

දෙරට අතර ගිවිසුම්වලට අත්සන් තැබුණේ ඉන් අනතුරුවයි. පසුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උත්සව සභාව ඇමැතුවා. එ් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කළ නිල ආරාධනයක්ද සිහිපත් කරමින්.

 

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළින් දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් වනු ඇතැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

 

නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා සහ ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත