නයිජීරියාවේ නගරයක මළ සිරුරු 70ක්

නයිජීරියාවේ නගරයක මළ සිරුරු 70ක්


නයිජීරියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ නගරයක තිබී මිනිස් මළ සිරුරු 70ක් හමු වී තිබෙනවා. බී.බී.සී. ලෝක සේවය පවසන්නේ බොකෝහරාම් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන සිටි මෙම නගරය ඉකුත් දා නයිජීරියානු හමුදා විසින් බේරා ගැනුණු බවයි.   අදාළ මිනිස් මළ සිරුරු හමු වී ඇත්තේ ඉන් අනතුරුව කරන ලද සෝදිසි මෙහෙයුමකදී බවද බී.බී.සී. ලෝක සේවය පවසනවා. නයිජීරියානු ජනාධිපති ගුඞ්ලක් ජොනතන් පැවසුවේ බොකෝහරාම් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන සිටින සෙසු භූමි ප්‍රදේශ ද තවත් මාසයක් ඇතුළත බේරා ගන්නා බවයි. (M.Winodan)