“දෙවන වස‍රේ අක්කලා පළවෙනි වසරේ නංගිලාට අසභ්‍ය වචනයෙන් බැන වැදි අමුතු වැඩක් කරලා” නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන්ට අමානුෂික ලෙස නවක වදය දුන් හැටි .!


මාතර, නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදුව ඇති නවක වද සිදුවීමක් ආන්දෝලනයට තුඩු දී තිබේ. නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨය යනු ගුරු පුහුණු විද්‍යා පීඨයෙකි. ගුරු පුහුණුව සදහා එයට බැඳුනු පළමු වසරේ සිසුවියන් නිර්ධය ලෙස නවක වදයට ලක්වූ බවට මින් පෙර මාධ්‍යයට වාර්තා වී තිබුනි. අමානුෂික නවක වදයට මුහුණ දුන් පළමු වසරේ සිසුවියන් දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවද වාර්තා වන අතර එහි දෙවන වසර සිසුවියන් විසින් පළමු වසරේ සිසුවියන් අමානුෂික ලෙස නවක වදයට ලක් කර තිබේ.

පළමු වසරේ සිසුවියන්ට දෙවැනි වසරේ සිසුවියන් පරුෂ වචනයෙන් බැන වදිමින් දින කිහිපයක්‌ තිස්‌සේ නවකවධය දෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. පළමු වසරේ සිසුවියන්ට සිදුවන දැඩි හීංසා පීඩා සහ අමානුෂීක නවක වද නිසා පසුගිය 20 වැනිදා රාත්‍රියේ විද්‍යාපීඨයේ ගැටුමක්‌ ද හටගෙන ඇති අතර එම අවස්‌ථාවේ ගැටුම සමතයකට පත් කිරීමට පොලිසිය පවා පැමිණ තිබේ.

කෙසේ වෙතත් සිදු වී ඇතැයි කියන නවක වද සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් වාර්තාවක්‌ කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචී මාර්ග ප්‍රකාශ කරනවා.

මීට පෙර ශ්‍රීපාද විද්‍යාපීඨයේ මෙවැනිම ආකාරයේ නවක වද සිදුවීමක් වාර්තා වූ බවත්, පසුව ඒ සදහා සම්බන්ධ වූ සිසුන් අට දෙනෙකුගේ පන්ති තහනම් කළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් පවසනවා.