තොරතුරක් නැතිව ‍විදේශයේ සිටි කත හමුවෙයි


විදේශ රැකියාවක් සඳහා ලෙබනනයට ගොස් වසර 15කට අධික කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි කාන්තාවක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මියගේ මැදිහත්විමෙන් සොයා ගැනීමට හැකිව තිබේ.

මහියංගණය හසලක ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව 2002 වසරේදී මෙරටින් පිටව ගොස් ඇති බව සඳහන්වේ.

2006 වසරේ සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීම හේතුවෙන් ඥාතීන් විසින් ඒ පිළිබඳ 2012 වසරේදී විදේශ රැකියා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් ලෙබනන් තානාපති කාර්යාලයට ලබාදුන් උපදෙස් මත එම කාන්තාව සොයා ගැනීමට හැකිව ඇති බව සඳහන්වේ.

මේ වන විට තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැදී සිටින එම කාන්තාව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව තලතා අතුකෝරාල මහත්මිය ඇයගේ පවුලේ ඥාතීන් වෙත ප්‍රකාශ කර ඇත.