තනතුරු වෙනස්වන එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක රැස්වීම අද


එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පැවැත්වෙනවා.

මෙහිදී පක්ෂයේ තනතුරු කිහිපයක් වෙනස්වනු ඇති බවටයි පැවසෙන්නේ.

අද (05) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන්  පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගෙන් විමසීමක් කළා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තනතුරු රැුසක වෙනස්වීම් සිදුවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ ඉකුත්දා ප‍්‍රකාශ කළා.

අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට ද එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් හිමි වනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පලවී තිබුණේ.

අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ජේ්‍යෂ්ඨයින් මෙන්ම තරුණයින්ට ද පක්ෂයේ තනතුරු බෙදී යනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පලවී තිබුණේ.