ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිඛෙනවා.

මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කරියවසම්.

දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ  මූලික වටයේ සාකච්ඡා සිදු කර අවසන්.

ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු සහ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳ ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය  ද මෙහිදී සාකච්ඡාවට ගැණුනු තවත් කරුණක්.

නිව්යෝර්ක් නුවර පැවති මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වය  නියෝජනය කරමින් විශේෂ නියෝජිතයින් පිරිසක් ද එක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් සඳහන් කළේ ට්‍රම්ප්ගේ ස්ථාවරය සහ ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවට කිසිදු අවාසිදායක තත්වයක් මෙතෙක් ඇති වී නොමැති බවයි.