ජාතික සමගිය උදෙසා පාප්වහන්සේ මඩු මෑණියන් ඉදිරියේ යාඥා කරති

ජාතික සමගිය උදෙසා පාප්වහන්සේ මඩු මෑණියන් ඉදිරියේ යාඥා කරති


අති උතුම් ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ අද පස්වරුවේ මන්නාරම මරදමඩු දේවස්ථානයේ කෙටි යැදුම් මෙහෙයක් සඳහා සහභාගි වුණා. නෙත් නිවුස් මන්නාරම වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ විවෘත රථයකින් දේවස්ථානය වෙත පැමිණි පාප්වහන්සේ රැස්ව සිටි ජනතාවට ආශිැර්වාද කළ බවයි.   මේ අතර සියලූ ශ‍්‍රී ලාංකිකයින් එකම වහලක් යටට පැමිණෙන ලෙස තමන් දෙවියන් වහන්සේට යාඥා කරන බවයි ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළේ. ජාතිය සමගිය උදෙසා උන්වහන්සේ නිසි මග පෙන්වන්නැයි මඩු මෑණියන්ට ද යාඥා කළා.       පාප්වහන්සේ විසින් කෙටි යැදුම් මෙහෙය ආරම්භ කෙරුණේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන්ගේ ආරාධනයෙන් ඉන් අනතුරුවයි.     මේ අතර ශුද්ධෝත්ත්ම ප‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන දිව්‍ය පූජා යාගය පැවැත්වුණේ කොළඹ ගාලූමුවදොරදීයි. භාග්‍යවත් ජුසේවාස් මුණිතුමන් ශාන්තුවරයට ඔසවා තැබීම එහිදී සිදුකෙරුණා.   ජුසේවාස් පියතුමන් ශාන්තුවරයට ඔසවා තැබු ශ‍්‍රී ලංකාවේ පළමු මුනිවරයාණන් වහන්සේයි. වර්ෂ 1651 වසරේ දී ඉන්දියාවේ ගෝවා හී උපත ලද උන්වහන්සේ වර්ෂ 1687දී ශ‍්‍රී ලංකාවට පැමිණියා. එතැන් සිට කිතුනු දහම ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා උන්වහන්සේගේන් සිදුවු මෙහෙය අතිමහත්. pope visit www.nethfm.com 01 pope visit www.nethfm.com 02 pope visit www.nethfm.com 03 pope visit www.nethfm.com 04 pope visit www.nethfm.com 05