“ආර්ථිකයයි නීතියයි ජනපති අතට ගන්න”


රටේ ආර්ථිකය මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයා විසින් පවරාගත යුතු බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කොළඹ  (15) පැවැත් වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු පැවසුවේ “මේ ආණ්ඩුවේ ආර්ථිකය සහ නීතිය මෙහෙයවන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක්. දැන් රටේ බරපතල පෙළඹවීමක් තියෙනවා ජනාධිපතිවරයාට මෙම වගකීම් පවරගන්නැයි කියලා. ආර්ථික කමිටුව හරහා මේ රටේ දේපළ මංකොල්ල කෑමක් සිදු වෙනවා.” යනුවෙනි.

පළාත් පාලන ආයතන සතු ඇතැම් බලතල නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව අදාළ බලතල නැවත පළාත් පාලන ආයතනවලට ලබාදීම සඳහා ප‍්‍රඥප්තියක් සම්මත කිරීමට පළාත් සභා සූදානම් බවයි ඉසුර දේවප‍්‍රිය ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.