අසේලට හා සීකුගේට යුද හමුදාවෙන් ලොකු තෑග්ගක්!


ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා.

ඒ අනුව සිකුගේ ප‍්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි.

ඔහු ඊට පෙර සාජන් නිලයේ කටයුතු කළා.

අසේල ගුණරත්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 02 නිලයට උසස් කර තිබෙනවා.

ඔහු ද මීට පෙර කටයුතු කළේ සාජන් නිලයේයි.

යුද හමුදාපති ලූතිතන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පිරිනැමීම් සිදු කිරීමට නියමිතයි.