අධිකරණය සෑම විටම ස්වාධීන විය යුතුයි


අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සෑම විටම පිරිසිදුව සිදුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ නිසා අධිකරණ ක්ෂේත්‍රයේ පත්කිරීම් සිදුකිරීමේදී තමන් කිසි විටෙකත් පෞද්ගලික අභිමතය පරිදි තීරණ ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ 2017 ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

අන්තර්ජාලය හරහා ඉකුත් සමයේ චෝදනාවට ලක්වූ මහාධිකරණ විනිශ්චයකාරවරයාගේ පත්වීම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූවා.

නඩු කටයුතු ප්‍රමාද වීම් වැනි ගැටලූ විසඳා ගැනීමට ක්ෂේත්‍රයේ සියලූදෙනා සාමූහිකව තම වගකීම ඉටුකළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.